——————————————-පසුගිය වකවානුවේ, ලෝකයම වෙලාගනිමින් කොරොනා වසංගතය ව්‍යාප්තවූ අතරතුර , එයින් ආරක්ෂා වෙන එක් උපක්‍රමයක් වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමින් පවත්වා ගැනීම ගැන බොහෝ අදහස් අපිට දකින්නට ලැබුණා. මේ සඳහා මනා පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම වඩාත් විස්තර සහිතව කතාබහට ලක්වුණා වගේම කොවිඩ් ආසාදනය වළක්වා ගැනීම සහ ඉක්මන් සුවය සඳහා එය උදව්වන බව ප්‍රකාශ වුනා. සමබර ආහාර වේලක් මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගතයුතු බවට බොහෝ විශේෂඥයින් අවධාරණය කරන අතරතුර, සුලබ ඌණතා පිළිබඳව සලකා බලා විටමින් හෝ ක්ෂුද්‍රපෝෂක වර්ග, හානිකර නොවන ප්‍රමාණවලින් (පෙති/කරල්/සිරප් වර්ග වැනි ආකාරවලින්) බාහිරෙන් ලබා ගැනීම සුදුසු බවටත් ඇතැමුන් මත පළ කළා. විටමින් D පිළිබඳව කතිකාවත ඒවා අතරින් වඩාත් කැපී පෙණුණා.ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වා ගැනීමට උපකාර කිරීමට අමතරව හොඳ විටමින් D මට්ටමක් පවත්වා ගැනීම තුළින් අස්ථි ශක්තිමත් කරගැනීමට, මාංශ පේශි ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීමට, ස්වසන රෝග අවම කරගැනීමට වාගේම මොළයේ ක්‍රියාකාරීත්වය සහ මානසික මට්ටම යහපත්ව පවත්වාගැනීමට උපකාරී වෙනවා. සමස්ත ශරීරයම ශක්තිමත්ව පවත්වාගනිමින් ක්‍රියාශීලීව කටයුතු කිරීමමේ හැකියාව ලබාගැනීමටත් මේ විටමිනය ඉතා වැදගත්. ආහාරවලින් විටමින් D ලබාගැනීමේදී අපට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානතම බාධකය වන්නේ අවශ්‍ය තරම් විටමින් D ප්‍රමාණයක් එදිනෙදා අප ගන්නා අහාර වේල් වල අඩංගු නොවීමයි. තෙල් සහිත මසුන් සහ මත්ස්‍ය අක්මා තෙල් (Cod liver oil) එවැනි විටමින් D සුලබ ආහාර ද්‍රව්‍යයන් දෙකක්. මෙයට අමතරව බිත්තර කහමදය යම් තරමකට විටමින් D අඩංගු ආහාර ලෙස ගැනෙනවා. කලින් සඳහන් කල පරිදි, බාහිරින් එකතු කර නැති අවස්ථාවල, අනෙකුත් නිතර ගැනෙන ආහාර වල මෙය අඩංගු වන්නේ ඉතාම සුළු ප්‍රමාණවලින්. ආහාරවලින් දෛනික විටමින් D අවශ්‍යතාවය සපුරා ගැනීම තරමක් දුෂ්කර වුවත් ඇතැම්විට ඔබ දැනටමත් දන්නා වෙනත් උපක්‍රමයකින් ඒ ගැටළුවට පහසුවෙන්ම විසඳුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ හිරු එළියට සම නිරාවරණය වන අවස්ථාවල විටමින් D නිපදවීමට අපේ සිරුරට ඇති අසිරිමත් හැකියාව ප්‍රයෝජනයට ගැනීමයි . පුදුමයකට මෙන්, වසර මුළුල්ලේම හොඳින් හිරු එළිය ලැබෙන ඝර්ම කලාපීය දිවයිනක් වන අප රටේ, වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් ම තුන් දෙනෙකු අද වෙන විට විටමින් D ඌනතාවෙන් පෙළෙනවා. අවුරුදු 10-18 වයස් සීමාවේ දරුවන් සැලකුවිට සෑම අට දෙනකුගෙන්ම එක් දරුවකුට විටමින් D ඌනතාවය පවතින බව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. අපේ පැරැන්නන් දිවා කාලය පුරාවට එළිමහනේ සක්‍රීයව ගතකළ ජීවන විලාශය වෙනස්වෙමින්, වැඩි වැඩියෙන් නිවාස අභ්‍යන්තරයේ රැඳී සිටීමට වර්තමානයේ අප පුරුදු වීම මෙයට හේතුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා . කොවිඩ්-19 ගෝලීය වසංගතයක් සමග හිරු එළියට නිරාවරණය වන, බාහිර පරිසරයට නොයා නිවසේම රැඳී සිටීම නිසා මෙම තත්ත්වය මේ වන විට තවදුරටත් උග්‍රවී තිබෙන්නට ඉඩ තිබෙනවා. අප අතර පවත්නා විටමින් D ඌණතාවය පිළිබඳව සහ ඉන් මිදීමේ වැදගත්කම ගැන දැනුවත් වූ ඔබට ප්‍රායෝගිකව කළ යුත්තේ කුමක්දැයි දැන් අප දැන් විස්තර කරනවා. ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 – 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.යම්කිසි සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මෙම ක්‍රමය භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් මෙම ක්‍රියාවලිය වහාම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් ලෙස අපත් අනාගත පරපුරත් සවිමත් වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට අද පටන් අපි අදිටන් කර ගනිගනිමු!#vitamind